සන්නිවේදනය යනු ,

සන්නිවේදනය හැදින්වීම

ඉතා සරල ලෙස කිවහොත් සන්නිවේදනය යනු දෙපාර්ශ්වයක් අතර අදහස් හුවමාරු කර ගැනීමයි. අදහස් ඇති වන්නේ සිතෙහිය. ඒ නිසා සන්නිවේදනයේ ආරම්භය වන්නේ සිතෙහිය. අදහස් ජනිත වන්නේ හැඟීම් හා සිතිවිලි නිසාය. හුවමාරු කිරීම යන්නෙන් කාර්යයන් දෙකක් දැක්වේ. එකක් නම් දීමයි. අනෙක නම් ගැනීමයි. ඒ අනුව සන්නිව්දනය ස`දහා දෙපාර්ශවයක් අවශ්‍ය බව පැහැදිලිය. එක් පාර්ශ්වයක් විසින් සන්නිවේදනය කරනු ලබන අතර, අනෙක් පාර්ශ්වය විසින් එය ග‍්‍රහණය කරනු ලබයි. මෙම ද්විත්ව ක‍්‍රියාවලිය එක් පුද්ගලයකු තුළ වුවද සිදු විය හැකිය.        

       1. මව හා දරුවා කතා කරයි. 
       2. ගුරුවරයා පන්තියේ උගන්වයි.
   පංචෙන්ද්‍රිය:
       
    පුද්ගලයකු සතු සංවේදී ඉන්ද්‍රියයන් පහක් මෙම සන්නිවේදන ගනුදෙනුවට සම්බන්ධ වෙයි. ඒවා හැ`දින්වෙන්නේ පංචේන්ද්‍රිය යනුවෙනි. 
       මුව     - කථනය, ශබ්ද,  සිනහව හෝ වෙනත් ලක්ෂණ
       ඇස්     - දැකීම, බැලීම, ඉඟි 
       කන්    - ඇසීම, අසා සිටීම, නොඇසීම
       නාසය    - ග`ද සුව`ද දැනීම, ඉඟි
       සම    - ස්පර්ශය, (මෘදු හෝ රළු*
   මෙයින් අදහස් වන්නේ යම් කෙනෙකුට සිය සන්නිවේදන කාර්යය සාර්ථකව පවත්වා ගෙන යෑම ස`දහා පංචේන්ද්‍රියයම සහය වන බවයි


සන්නිවේදනය යන වචනය සකස් වී ඇති ආකාරය
    
    ලතින් භාෂාවේ එන "MUNIS"යන වචනය මුලික වි ආරම්භ විය.එහි අර්ථය වන්නේ කිසියම් කාර්යයක් කරන්නා යනුවෙනි.ඉන්පසුව  COMMUNICITUS යන පදයද අනතුරුව COMMUNICATION  යන වචනයද ගොඩනැගුණි .එහි අර්ථය වන්නේ "අදහස් පොදු බවට පත් කිරිම" සිංහල භාෂාවෙන් සන්නිවේදනය යන අර්ථය ලැබුණි .එය පහත පරිදි අර්ථකථනය විය.

                   
            
                     සං + නි + විද්√වේදනය
සං = උපසර්ගයක් = මනා වූ
නි    = උපසර්ගයක් = ඒකාබද්ධ වූ
ව්ද් = ධාතු පදයක්   = හැඟීම / දැනීම / වේදනය වීම

සන්නිවේදනය යන වචනයේ තේරුම වන්නේ හොඳින් දැනගැනීමට සැලැස්වීම ලෙසය. මෙය ද්‍රවිඩ භාශාවෙන් " තොඩර්පාඩල්" යනුවෙන් හඳුන්වනු ඇත. එහි අර්ථය වන්නේ සබඳතා පැවැත්වීමේ ක්‍රියාවලිය ලෙසය.

Comments

Popular posts from this blog

සිංහල වර්ණමාලාව

Being you...............