සිංහල වර්ණමාලාව
සිංහල වර්ණමාලාව
පෘථිවිය පහළ වූ සතුන් අතර මානවයා උසස් තැනක් හිමි කරගෙන ඇත. මේ උසස් බව ලබන්නට හැකියාව ලැබුණේ ඔවුන් භාෂාව සොයාගත් නිසාවෙනි. මානවයාගේ ප්‍රධානතම සන්නිවේදන මාධ්‍ය භාෂාවයි. ඔවුන්ගේ හදවත් තුළ උපදින අදහස් ඔවුනොවුන් හුවමාරු කරගන්නේ භාෂාව මඟිනි. මෙම සන්නිවේදන ක්‍රියාවලියේ දී මිනිසා භාෂාව යොදාගන්නා ක්‍රම දෙකකි. එනම්,
01) කථන භාෂාව ( ව්‍යවහාරය )
02) ලේඛන භාෂාව ( ලිවීම )
ලේඛනයේ දී පෙනහළුවලින් නික්මෙන්නා වූ වායු ධාරාව මුඛයේ ඒ ඒ ස්ථානවල ගැටී නන් අයුරින් නිපදවෙන ශබ්ද දෘෂ්ටිගෝචර වන සේ ලියා දැක්වීම සඳහා නොයෙක් සංකේත යොදා ගනියි. ඒ අනුව ශ්‍රව්‍යගෝචර ශබ්ද දෘෂ්ටිගෝචර වන් සේ ලියා දැක්වීම තුළින් ලේඛනය බිහි වේ. මෙසේ ලියා දැක්වීමට යොදාගනු ලබන සංකේතවලට අක්ෂරමාලාව, වර්ණමාලාව යන නම් භාවිත කරයි.
සිංහල භාෂාව ජීවී භාෂාවක් වන බැවින් නොයෙක් වකවානුවල දී විවිධාකාර වෙනස්කම් වෙමින් පරිණමය වෙමින් වෙනස් වන අයුරු අපට දැකගත හැක. භාෂාවේ ප්‍රධාන අංගයක් වන ලේඛනය ද ලේඛනය සඳහා යොදාගත් සංකේත ද කලින් කලට පරිණාමය වෙමින් විවිධ වෙනස්කම්වලට භාජනය වී ඇත. ඒ අනුව සියවසින් සියවසට සිංහල අකුරු වෙනස් වෙමින් ආ ආකාරයත් සිංහල භාෂාව ආරම්භ වී විකාසනය වූ ආකාරයත් කියපාන ලේඛනාවලියක් අප සතුය.
නූතන සිංහල අක්ෂර මාලාව
"සිංහල වර්ණ මාලාව" සහ නූතන සිංහල අක්ෂර මාලාව යන නම් වලින් හඳුන්වන මෙය ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මත කල හෝඩියයි. මිශ්‍ර සිංහල හෝඩියට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි. එනම්,
- ෆ අකුර ඇතුළත්වීම.
- සඤ්ඤක අකුරු 5 ඇතුළත්වීම.
- ං සහ ඃ වෙනත් ස්ථානයක තැබීම.
ස්වර අක්ෂර
භාෂාවේ තනිව යෙදිය හැකි, තනිව උච්චාරණය කළ හැකි, ස්වකීය රාවයක් ඇති, ප්‍රාණයක් ඇති අකුරු ස්වර අකුරු ලෙස හැඳින්විය හැක.
ස්වර අක්ෂර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය.
01) ලුහු ස්වර ( හ්‍රස්ව ස්වර , කෙටි ස්වර )
* ලුහු ස්වර ( හ්‍රස්ව ස්වර , කෙටි ස්වර )
උච්චාරණයේ දී අඩු කාලයකින් හෙවත් අඩු මාත්‍රාවකින් උච්චාරණය වන ස්වර අකුරු ලුහු ස්වර ලෙස හඳුන්වයි.
* ගුරු ස්වර (දිගු ස්වර, දීර්ඝ ස්වර)
උච්චාරණයේ දී වැඩි කාලයකින් හෙවත් වැඩි මාත්‍රාවකින් උච්චාරණය වන ස්වර අකුරු ගුරු ස්වර ලෙස හඳුන්වයි.
ව්‍යඤ්ජන අක්ෂර
තනිව උච්චාරණය කළ නොහැකි, තනි රිද්මයක් නැති,ශරීරයක් පමණක් ඇති, ස්වරයක් සමඟ එකතු වීමෙන් පසු පහසුවෙන් උච්චාරණය කළ හැකි අකුරු ව්‍යඤ්ජන අක්ෂර ලෙස හඳුන්වයි.
* වර්ග අක්ෂර
අක්ෂර මාලාවේ පහත සඳහන් අකුරු 25 වර්ගාක්ෂර ලෙස හඳුන්වයි.
* අල්පප්‍රාණ හා මහාප්‍රාණ අක්ෂර
වර්ගාක්ෂරවල පළමු හා තුන්වන තීරුවල ඇති අකුරු අල්පප්‍රාණ අක්ෂර ලෙස දැක්විය හැකිය. මෙම අකුරු උච්චාරණය කෙරෙනුයේ අඩු ප්‍රාණයකිනි.
වර්ගාක්ෂරවල දෙවන හා හතරවන තීරුවල ඇති අකුරු මහාප්‍රාණ අක්ෂර ලෙස දැක්විය හැකිය. මෙම අකුරු උච්චාරණය කෙරෙනුයේ වැඩි ප්‍රාණයකිනි.
* වර්ගාන්ත අක්ෂර
වර්ගාක්ෂරවල අවසානයේ ඇති අක්ෂර පහ 'වර්ගාන්ත අක්ෂර' ලෙස හඳුන්වනු ලබයි. එම අක්ෂර නාසයට අනුව උච්චාරණය වන බැවින් 'අනුනාසික අක්ෂර' ලෙස ද හඳුන්වයි.
* සඤ්ඤක අක්ෂර
මෙම අක්ෂර තවත් අක්ෂරයක් සමඟ සම්බන්ධ වීමෙන් සකස් වී ඇති බැවින් 'සඤ්ඤක අක්ෂර' ලෙස හඳුන්වයි. එසේ ම මෙම අක්ෂර 'අර්ධානුනාසික අක්ෂර' ලෙස නම් කළ හැකි ය.
* අන්තඃස්ථාක්ෂර ( අර්ධ ස්වර )
ය, ර, ල, ව යන අකුරු ස්වර හා ව්‍යඤ්ජන අතර පිහිටා ඇති බැවින් අන්තඃස්ථාක්ෂර නැතහොත් අර්ධ ස්වර ලෙස හැඳින්විය හැකිය. එම අක්ෂර මෙසේ දැක්වෙයි.
* ඌෂ්මාක්ෂර
උච්චාරණයේ දී උණුසුම් වායු ධාරාවක් සමඟ උච්චාරණය වන අක්ෂර මෙලෙස නම් කරයි. මෙම අකුරු 'ඝර්ෂ' යන නමින් ද හැඳින්වේ.
ඃ , ශ , ෂ , ස , හ , ෆ
ස්වරයකට අනුව උච්චාරණය වන බැවින් ' ං ' යන්න නැතහොත් බින්දුව, අනුස්වාරය ලෙස නම් කරයි.
උච්චාරණයේ දී හුස්ම වේගවත් ව පිට වීමෙන් උච්චාරණය වන නිසා 'ඃ' යන ශබ්දය විසර්ගය යන නමින් හඳුන්වයි.
භාෂාවෙහි ශබ්ද උච්චාරණයේ දී වැඩි ශබ්දයක් නිකුත් කෙරෙමින් උච්චාරණය වන ශබ්ද ඝෝෂ අක්ෂර ලෙස හඳුන්වන අතර අඩු ශබ්දයක් නිකුත් කෙරෙමින් උච්චාරණය වන ශබ්ද අඝෝෂ අක්ෂර ලෙස හඳුන්වයි.
* ව්‍යඤ්ජන අක්ෂර වර්ගීකරණය
සිංහල අක්ෂර වර්ගීකරණය
Comments
Post a Comment