
බැද්දේගම
"නවකතාව" යන සාහිත්‍යාංගය බටහිර සාහිත්‍යයෙන් අප අතට පත්වූවකි.ඉංග්‍රීසීන්ගේ යටත් විජිත සමයේ දී නවකතාව සිංහල සාහිත්‍යයට
එකතු විය.
"බැද්දේගම" ලාංකීය නවකතාව කලාවේ ජනප්‍රිය කෘතියක් බවට පත් වුණේ,
ලංකාවේ හම්බන්තොට ඉරි තැලී ගිය බිමක
කටොර ජීවිත රටාවක් ගෙවු අසරණ මිනිසුන්ගේ ජීවිතය තත්ත්වාකාරයෙන් විස්තර කෙරෙන කතා පුවතක් වු නිසාවෙනි.
සිංහල ජන ජීවිතය පසුබිම් කරගෙන ලියවුණු
"බැද්දේගම"(The village in the jungle) රචනා කරන ලද්දේ ලෙනාඩ් වුල්ෆ් විසිනි.මෙය සිංහලට පරිවර්තනය කරන ලද්දේ ඒ.පී ගුණරත්න මහතා ය.
සිතෙහි තෙත ගතියක් නොවු ආරච්චිරාලගේ
කූට උපායන්ට රැවටී දුක් විඳින සිලිදුගේ පවුල
කේන්ද්‍ර කරගෙන ගොඩ නැගෙන මෙම කතාවෙන් බැද්දේගම වැසියන් සජීවි ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කරයි.
"මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් අරක්ගත් කාලකණ්ණි ගමකි.ළමයි හා මහල්ලන් ද නැසි යන්නාක් මෙන් ගමත් දැන් නැසි යයි"
සිලිදු,බබුන්, කරලිනාහාමි, පුංචි මැණිකා,පූංචිරාළ,ආරච්චි, ප්‍රනාන්දු යන චරිත ඔස්සේ ගලා යන මෙම නවකතාව 19 සියවසේ මුල් භාගයේ ලංකාවේ සිංහල ජන ජීවිතය අපූර්ව ආකාරයෙන් පාඨකයාට ඉදිරිපත් කරයි.
Comments
Post a Comment