සිංහල වර්ණමාලාව
සිංහල වර්ණමාලාව පෘථිවිය පහළ වූ සතුන් අතර මානවයා උසස් තැනක් හිමි කරගෙන ඇත. මේ උසස් බව ලබන්නට හැකියාව ලැබුණේ ඔවුන් භාෂාව සොයාගත් නිසාවෙනි. මානවයාගේ ප්‍රධානතම සන්නිවේදන මාධ්‍ය භාෂාවයි. ඔවුන්ගේ හදවත් තුළ උපදින අදහස් ඔවුනොවුන් හුවමාරු කරගන්නේ භාෂාව මඟිනි. මෙම සන්නිවේදන ක්‍රියාවලියේ දී මිනිසා භාෂාව යොදාගන්නා ක්‍රම දෙකකි. එනම්, 01) කථන භාෂාව ( ව්‍යවහාරය ) 02) ලේඛන භාෂාව ( ලිවීම ) ලේඛනයේ දී පෙනහළුවලින් නික්මෙන්නා වූ වායු ධාරාව මුඛයේ ඒ ඒ ස්ථානවල ගැටී නන් අයුරින් නිපදවෙන ශබ්ද දෘෂ්ටිගෝචර වන සේ ලියා දැක්වීම සඳහා නොයෙක් සංකේත යොදා ගනියි. ඒ අනුව ශ්‍රව්‍යගෝචර ශබ්ද දෘෂ්ටිගෝචර වන් සේ ලියා දැක්වීම තුළින් ලේඛනය බිහි වේ. මෙසේ ලියා දැක්වීමට යොදාගනු ලබන සංකේතවලට අක්ෂරමාලාව, වර්ණමාලාව යන නම් භාවිත කරයි. සිංහල භාෂාව ජීවී භාෂාවක් වන බැවින් නොයෙක් වකවානුවල දී විවිධාකාර වෙනස්කම් වෙමින් පරිණමය වෙමින් වෙනස් වන අයුරු අපට දැකගත හැක. භාෂාවේ ප්‍රධාන අංගයක් වන ලේඛනය ද ලේඛනය සඳහා යොදාගත් සංකේත ද කලින් කලට පරිණාමය වෙමින් විවිධ වෙනස්කම්වලට භාජනය වී ඇත. ඒ අනුව සියවසින් සියවසට සිංහල අකුරු වෙනස් ව...